මම

මම

Monday 20 April 2015

අපේ exam ලිවිල්ල

දැන් නම් නිදි මතයිලු..ඒත් ඉතින් තාම දහය විස්ස ගනන් කරල ඉවර නෑනෙ..ඔන්න සින්දුවකුත් ඇහෙනවා..වික්‍ටර් අයිය ද කොහෙද බෙරිහන් දෙනවා..
"නංගියේ..මල්ලියේ.."
මෙහෙම ඉන්නකොට දිල් ට නිදිමත එනවා..
"හනේ හපොයි..ශේප් එකේ ඔන්න ඔහෙ නිදා ගනිං දිලෝ..." මෙන්න පැන්සලක් කතා කරනවෝ...අයිනක් අල්ලල නිදා ගන්නත් හිතෙනවා...ලස්සන රෝස පාට බිත්තියක් එහා පැත්තෙ...ඉස්සරහින් දුරා නංගිත් නිදිමතේ ද කොහෙද බිත්තිය අතගානවා...
ආ...12.20 යි ලු...ඔරලොසු මැණිකෙ මතක් කරා..මෙහෙම ඉන්නකොට දිල් ගෙ පැන්සල YDB කියලා බිත්තියෙ ලියනවා..තාරු නොහොත් අපේ චූටි මැණිකෙ ගල් ගිලලා වගේ paper එක දිහා බලාගෙන ඉන්නවා...
"තව විනාඩි 20යි දිලෝ ඉක්මන් කරලා ඉරි ටිකක් ගහපංංං.." මේ කවුද බොලේ?? ආයෙත් ටික් ටොක් නගා නේද..
"කට වහගෙන ඉන්නවා..මම වැදගත් වැඩක් කරනවා පේන්නැද්ද?.." ඒ පාර නම් කට වැහුනා වගේ.. දිලා ගැන දන්න අය නම් දන්නවා art කිව්වොත් දිලාට ආයෙ වෙන දෙයක් ඕනෙ නෑ කියලා...මේ පන්ඩිත ඔරලෝසු කෙලී ඒක දන්නෙ නැද්ද කොහෙද..
මල කෙලියයි..අයියෝ..papers එකතු කරනවෝ...
...
..
හරි..දුන්නා..හ්ම්ම්ම්ම්....මොනවා උනත් දැන් ටිකක් නිදහස් වගේ...අනිත් අය නම් තාම ලියනවද කොහෙද!! දුරා නංගි මොනවද මන්දා දොඩවනවා...හෙට english සහ IT...ඒක නම් කොහොමත් පාඩම් කරලා නෙමෙයි නෙ ලියන්නෙ...හික්ස්ස්ස්..
..
..
To be continued

1 comment:

  1. හරි..දුන්නා..හ්ම්ම්ම්ම්....මොනවා උනත් දැන් ටිකක් නිදහස් වගේ...අනිත් අය නම් තාම ලියනවද කොහෙද!! දුරා නංගි මොනවද මන්දා දොඩවනවා...හෙට english සහ IT...ඒක නම් කොහොමත් පාඩම් කරලා නෙමෙයි නෙ ලියන්නෙ...හික්ස්ස්ස්..

    ReplyDelete