මම

මම

Saturday 11 April 2015

අනේ මන්දා

"අනේ මන්දා" මේක තමයි මගෙ dictionary එකේ තියෙන එපා ම කරපු වචනෙ. ඒ උනාට ඒක ම තමයි මගෙ කටට එන්නෙ මොකක් හරි උනාම. සමහරු අපේ ජීවිතේට එන්නෙ අපිට හොඳක් කරන්න. සමහරු  එන්නෙ පාඩමක් උගන්නලා යන්න. හිත රිද්දලා යන්න. සමහරු අපි ගැන බොරු මඩ ප්‍රචාර කරනවා. එහෙම කරන්න තියෙන reason එක මොකද්ද කියන එක තවම මම කල්පනා කරන ගමන් ඉන්නේ.එච්චර අපිව එයාලාට important කියලා දැනගත්ත දවසක් තමයි අද. තව කෙනෙක් තව කෙනෙක්ට insult කරනවා කියන්නෙ ඒ අය ඒ කෙනාගෙ මොකක් හරි special දෙයක් එයාලා ළඟ නැති හිතේ අමාරුව විදහා දක්වනවා කියන එක නෙද ? ¿ මට හිතෙන්නෙ එහෙමයි. පෘථිවිය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි කියන්නෙ නිකන් නෙමෙයි නේ. මිනිස්සුන්ගෙ හැටි දැනගන්න ලැබෙනකොට හිතෙන්නෙ නම් "අනේ මන්දා" කියලා ම තමයි.

No comments:

Post a Comment