මම

මම

Saturday 2 May 2015

මගේ නොවන මම

මම මට වත් අයිති නැති,..
කොටින්ම කිව්වොත්,
මම කියලා කෙනෙක්වත් නැති..
මේ විශ්වයේ..
මම
මගේ කරගන්න..
බැරි උන දේවල්...
මතක් කර කර..
මම..
මගේ නොවන
මගේ ම හිත
අඬවනවා....

Monday 20 April 2015

අපේ exam ලිවිල්ල

දැන් නම් නිදි මතයිලු..ඒත් ඉතින් තාම දහය විස්ස ගනන් කරල ඉවර නෑනෙ..ඔන්න සින්දුවකුත් ඇහෙනවා..වික්‍ටර් අයිය ද කොහෙද බෙරිහන් දෙනවා..
"නංගියේ..මල්ලියේ.."
මෙහෙම ඉන්නකොට දිල් ට නිදිමත එනවා..
"හනේ හපොයි..ශේප් එකේ ඔන්න ඔහෙ නිදා ගනිං දිලෝ..." මෙන්න පැන්සලක් කතා කරනවෝ...අයිනක් අල්ලල නිදා ගන්නත් හිතෙනවා...ලස්සන රෝස පාට බිත්තියක් එහා පැත්තෙ...ඉස්සරහින් දුරා නංගිත් නිදිමතේ ද කොහෙද බිත්තිය අතගානවා...
ආ...12.20 යි ලු...ඔරලොසු මැණිකෙ මතක් කරා..මෙහෙම ඉන්නකොට දිල් ගෙ පැන්සල YDB කියලා බිත්තියෙ ලියනවා..තාරු නොහොත් අපේ චූටි මැණිකෙ ගල් ගිලලා වගේ paper එක දිහා බලාගෙන ඉන්නවා...
"තව විනාඩි 20යි දිලෝ ඉක්මන් කරලා ඉරි ටිකක් ගහපංංං.." මේ කවුද බොලේ?? ආයෙත් ටික් ටොක් නගා නේද..
"කට වහගෙන ඉන්නවා..මම වැදගත් වැඩක් කරනවා පේන්නැද්ද?.." ඒ පාර නම් කට වැහුනා වගේ.. දිලා ගැන දන්න අය නම් දන්නවා art කිව්වොත් දිලාට ආයෙ වෙන දෙයක් ඕනෙ නෑ කියලා...මේ පන්ඩිත ඔරලෝසු කෙලී ඒක දන්නෙ නැද්ද කොහෙද..
මල කෙලියයි..අයියෝ..papers එකතු කරනවෝ...
...
..
හරි..දුන්නා..හ්ම්ම්ම්ම්....මොනවා උනත් දැන් ටිකක් නිදහස් වගේ...අනිත් අය නම් තාම ලියනවද කොහෙද!! දුරා නංගි මොනවද මන්දා දොඩවනවා...හෙට english සහ IT...ඒක නම් කොහොමත් පාඩම් කරලා නෙමෙයි නෙ ලියන්නෙ...හික්ස්ස්ස්..
..
..
To be continued

Saturday 18 April 2015

නින්දයි නොනින්දයි

නින්දයි නොනින්දයි අතර ලොකු වලියක ඉන්නෙ. මොන කෙහෙල් මලක් හේතුවෙන් මෙහෙම වෙනවද කියන්න දෙයියො තමයි දන්නෙ...හ්ම්ම්ම්ම්...එක්කො නින්ද ගිහින් හොඳ හීනයක් ස්ටාර්ට් කරන්න ඕනෙ..නැත්තන් ඒත් නින්ද යන්න ඕනෙ..මේ මොන විකාරයක්ද...මොනව උනත් මොකක් හරි අව්ලක් වෙලා තියෙනවා...ඩ්‍රීම් බෝයි ආවෙත් නෑ...අද එන්නෙ නැද්ද දන්නෙ නෑ.. මිස්ඩ් කෝල් එකක් දාලා බලන්න ඕනේ..ට්‍රීන්..ට්‍රීන්.....ට්‍රීන්..ට්‍රීන්..."ඔබ ඇමතූ දුරටකතනයේ අයිතිකරු හට දුරකතනයක් නොමැත"...දුරටකතනයක් නැත්තන් අහවල් එකක් හින්දද දන්නෙ නෑ සිම් එකක් තියෙන්නෙ..බලහන්කො ඉතින් ඒකෙත් හැටි...ඒ යකා ඕනෙ නෑ...අද බිසී ඇති මෑනිස්ට...මට තනියම තමයි අද දොයියන්න වෙන්නෙ...හ්ම්ම්ම්...අනේ දෙයියනේ මොකෙක් නැතත් නයි නම් පේන්න එපා...උන් දකින එක හොඳ උනත් නරක උනත් මෙහෙම බය වෙන්න බෑ යකෝ.....මොනවා කරන්නද කොහොම හරි නිදාගන්න එපෑ...එහෙනම් මම ගියෝ....ගුඩ් නයිට් වේවා!!!

Saturday 11 April 2015

මලියා

මලියා කවුද ?...මගෙ බෙස්ට් ම ෆ්‍රෙන්ඩ් කිව්වොත් හරි..අද මෑන්ස්ගෙ හැපි බර්ත්ඩේ එක.. හිහිහිහිහි...මගෙ හැටි හොඳටම දන්නෙ වෙන කව්ද බන්? මමත් උඹේ නන්ගි වගේ තාච්චියට දාපු අබ ඇට වගේ පුපුරනවා කිව්වෙ කව්ද? හිහිහි..ඒ මොනවා උනත් උඹ මම වැටුනම නැගිටින්න අත දුන්නා. නැත්තන් බෑනෙ, ආයෙ මගෙ කතන්දර ටික අහගෙන ඉන්නත් එපෑ. මට හොඳ නරක කියලා දුන්නා උඹ. මලියෝ, හැමදාම මගෙ දුක අහුවට ගොඩාක් පින්.මට ගොඩාක් ඇඩ්වයිස් දුන්නා.මට නැගිටින හැටි පෙන්නන්න උඹත් වැටුනා.මගෙ ලයිෆ් එකේ ස්පෙශල් ම බෙස්ට් ම යාලුවා කියන්න පුලුවන්...හැම ප්‍රාර්ථනයක් ම ඉශ්ඨ වෙලා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින් ම විශ් කරනවා මචන්..

අනේ මන්දා

"අනේ මන්දා" මේක තමයි මගෙ dictionary එකේ තියෙන එපා ම කරපු වචනෙ. ඒ උනාට ඒක ම තමයි මගෙ කටට එන්නෙ මොකක් හරි උනාම. සමහරු අපේ ජීවිතේට එන්නෙ අපිට හොඳක් කරන්න. සමහරු  එන්නෙ පාඩමක් උගන්නලා යන්න. හිත රිද්දලා යන්න. සමහරු අපි ගැන බොරු මඩ ප්‍රචාර කරනවා. එහෙම කරන්න තියෙන reason එක මොකද්ද කියන එක තවම මම කල්පනා කරන ගමන් ඉන්නේ.එච්චර අපිව එයාලාට important කියලා දැනගත්ත දවසක් තමයි අද. තව කෙනෙක් තව කෙනෙක්ට insult කරනවා කියන්නෙ ඒ අය ඒ කෙනාගෙ මොකක් හරි special දෙයක් එයාලා ළඟ නැති හිතේ අමාරුව විදහා දක්වනවා කියන එක නෙද ? ¿ මට හිතෙන්නෙ එහෙමයි. පෘථිවිය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි කියන්නෙ නිකන් නෙමෙයි නේ. මිනිස්සුන්ගෙ හැටි දැනගන්න ලැබෙනකොට හිතෙන්නෙ නම් "අනේ මන්දා" කියලා ම තමයි.

Wednesday 8 April 2015

මේ තරම් සුන්දර නොවන නිසා..

මතක මාවත දිගේ
ගිය දිනක බො‍හෝ දුර....
හමු වුනත් බොහෝ අය...
සිත නැවතුනේ එක් තැනන...

ආදරණීය ලෙස බලා සිටි
ඒ දෑස් යුග
අමතක කරන්නේ කෙලෙසකද?
ඒ දෑස් දැන් මගේම වී ඇත...

සුන්දර මතකයන් ඉතිරි කල ඒ කාලය
ඔබේත් මගේත්
සිත් සතන් තුළ
සදා අමරණීය ව‍නු ඇත...

සුන්දර වුවත් ඒ අතීතයට
පතන්නේ නැවත නොයන්නට...
මා ඔබේවත් ඔබ මගේ වත්
නොවූ ඒ කාලය
මේ තරම් සුන්දර නොවන නිසා..