මම

මම

Saturday 18 April 2015

නින්දයි නොනින්දයි

නින්දයි නොනින්දයි අතර ලොකු වලියක ඉන්නෙ. මොන කෙහෙල් මලක් හේතුවෙන් මෙහෙම වෙනවද කියන්න දෙයියො තමයි දන්නෙ...හ්ම්ම්ම්ම්...එක්කො නින්ද ගිහින් හොඳ හීනයක් ස්ටාර්ට් කරන්න ඕනෙ..නැත්තන් ඒත් නින්ද යන්න ඕනෙ..මේ මොන විකාරයක්ද...මොනව උනත් මොකක් හරි අව්ලක් වෙලා තියෙනවා...ඩ්‍රීම් බෝයි ආවෙත් නෑ...අද එන්නෙ නැද්ද දන්නෙ නෑ.. මිස්ඩ් කෝල් එකක් දාලා බලන්න ඕනේ..ට්‍රීන්..ට්‍රීන්.....ට්‍රීන්..ට්‍රීන්..."ඔබ ඇමතූ දුරටකතනයේ අයිතිකරු හට දුරකතනයක් නොමැත"...දුරටකතනයක් නැත්තන් අහවල් එකක් හින්දද දන්නෙ නෑ සිම් එකක් තියෙන්නෙ..බලහන්කො ඉතින් ඒකෙත් හැටි...ඒ යකා ඕනෙ නෑ...අද බිසී ඇති මෑනිස්ට...මට තනියම තමයි අද දොයියන්න වෙන්නෙ...හ්ම්ම්ම්...අනේ දෙයියනේ මොකෙක් නැතත් නයි නම් පේන්න එපා...උන් දකින එක හොඳ උනත් නරක උනත් මෙහෙම බය වෙන්න බෑ යකෝ.....මොනවා කරන්නද කොහොම හරි නිදාගන්න එපෑ...එහෙනම් මම ගියෝ....ගුඩ් නයිට් වේවා!!!

1 comment:

  1. මං ඔක්කොම ඇත්ත දන්නවා ඒත් නොදන්නවා වගේ ඉන්නේ. තව තවත් ඒකම ඒකම කියලා උබට රිද්දන්න බැරි හින්දා ඒත් මම දන්නවා උබ තාමත් හිත යටින් අඩන්නේ උඩින් හිනා වෙලා කියලා. එහෙම කියන්න පුළුවන් මම උබේ හොද යාලුවෙක් හින්දා. මට උබව තේරෙනවා. ඒත් උත්සහා කරපං ජීවිතේ ජය ගන්න.

    ReplyDelete